යනයට, රංගනයට වගේම නර්තනයටත් විශේෂ දක්ෂකම් තියෙන කෙනෙක් තමයි
දුෂ්‍යන්ත් වීරමන් කියන්නේ. පසුගිය දා අපිට දුෂ්‍යන්ත් ගැන අමුතුම දෙයක්
ආරංචි වුණා. ඒ නිසාම අපි දුෂ්‍යන්ත්ට කතා කලා.
ප‍්‍රශ්නය - දුෂ්‍යන්ත් කොහොම ද?
දුෂ්‍යන්ත් - හොදින් ඉන්නවා. Album එකත් කලා. පොතත් නිකුත් කළා. ඒ වැඩ කෙරෙන විදිය ගැන බලාගෙන ඉන්නවා.
ප‍්‍රශ්නය - පසුගිය දවස්වල ඉන්දියාවේ තමයි හිටියේ නේද?
දුෂ්‍යන්ත් - ම්හ්... නෑ මම ලංකාවේ හිටියේ.
ප‍්‍රශ්නය - නෑ නෑ ඔයා ඉන්දියාවට ගියා.
දුෂ්‍යන්ත් - ම්හ්. ගිය සුමානේ වාගේ දවස් දෙකකට විතර පොඩි Trip එකක් දාලා ආවා.
ප‍්‍රශ්නය - හරි ඒ ගමනේදි ඔයා ඉන්දියාවේ බොහොම ජනපි‍්‍රය පුද්ගලයෙක්ව මුණ ගැහුනා.
දුෂ්‍යන්ත් - කවුද ඔයාලට මේවා කියන්නේ.
ප‍්‍රශ්නය
- දුෂ්‍යන්ත් හිරු කියන්නේ Artist ලත් එක්ක ලගින්ම ඉන්න Channel එකක්.
අපිට බොරු කරන්න බෑ හරිද? දුෂ්‍යන්ත් කියන්න බලන්න ඉන්දියාවේ සුපිරු තරුවක්
එක්ක මොකක්ද ඔයාට තියෙන ගනුදෙනුව?
දුෂ්‍යන්ත් - අනේ එහෙම කිසිම ගනුදෙනුවක් නෑ. මම නිකම්ම ගිහිල්ලා යාලූවෙක් හම්බ වෙලා ආවා.
ප‍්‍රශ්නය - යාලූවා සෝනු නිගම් නේද ?
දුෂ්‍යන්ත් - ආ.. කවුද ඇත්තටම ඔයාලට මේවා කියන්නේ ?
ප‍්‍රශ්නය - කවුරු කිව්වත් කතාව ඇත්තනේ.
දුෂ්‍යන්ත් - ඇත්ත වෙන්නත් පුළුවන්.
ප‍්‍රශ්නය - අපි දන්නවා ඔයා ඉන්දියාවට ගියා. සෝනු නිගම්ව හම්බ වුණා. ඒ ඇයි?
දුෂ්‍යන්ත් - මට පොඩි අවස්ථාවක් හම්බ වුණා සෝනුව හම්බ වෙන්න.
ප‍්‍රශ්නය - සොනුව කලින් ඉදන් දන්නවාද?
දුෂ්‍යන්ත් - ඔව් ටික කාලෙක ඉදන් දන්නවා.
ප‍්‍රශ්නය - කොහොම ද ඒ දැන ඇදුනුම්කම පටන් ගත්තේ.
දුෂ්‍යන්ත්
- මගේ කරලිය Concert එක සෝනු අහම්බෙන් දැකලා තියෙනවා. ඒ වගේම එයත් මයිකල්
ජැක්සන්ගේ Fan කෙනෙක්. ඒ වගේම මේ අවුරුද්දේ මම කැලිෆෝනියාවල T-Pain එක්ක
ඕපනින් එකක් කළා. එතකොට මට හම්බ වුණ ප‍්‍රඩියුසස් කරන කට්ටිය. ඒ කට්ටියත්
එක්ක සෝනුත් වැඩ කරනවා. ඒ හරහා සහ වගේ කරලිය Concert එක දැකලා ඊට පස්සේ
තමයි ඒක කරපු කෙනාව හම්බ වෙන්න තිබුණොත් හොදයි කියලා එයා කියලා තියෙන්නේ.
ප‍්‍රශ්නය - මට නම් මේක විශ්වාස කරන්නත් අමාරුයි. ඒ කියන්නේ ලෝක ප‍්‍රසිද්ධ සෝනු නිගම් ඔයාගේ රසිකයෙක් කියලද?
දුෂ්‍යන්ත් - මමත් ඉතින් සෝනුගේ රසිකයෙක්නේ.
ප‍්‍රශ්නය
- ඔයාගේ අයියා සන්තුෂ්, ඒ වගේම භාතිය ඉන්දියන් Artist ලත් එක්ක සින්දු
කිව්වා. Videos කලා. මේවා බලල ඔයාටත් ආසාවක් ආවාද ඉන්දියන් Artist කෙනෙක්
එක්ක වැඩ කරන්න.
දුෂ්‍යන්ත් - එහෙමමත් නොවෙයි මට
අවස්ථාවක් හම්බ වුණා සෝනුව හම්බ වෙන්න. තාම මොන වාගේ වැඩක් වෙයිද දන්නේ නෑ.
එහෙම වැඩක් කරන්න හිත යට කැමැත්තක් නැත්තෙත් නැහැ.
ප‍්‍රශ්නය
- හරි ඔයා හිතනවද එහෙම වැඩක් කලොත් සාර්ථක වෙයි කියලා. මොකද සොනු කියන්නේ
ලෝක ප‍්‍රසිද්ධ කෙනෙක්. එයා ඔයත් එක්ක වැඩක් කරන්න එකග වෙයිද?
දුෂ්‍යන්ත් - සමහර වෙලාවට සිහිනත් සැබෑ වෙනවා.
ප‍්‍රශ්නය - ඔන්න ඇත්ත එළි වුණා. ඒ කියන්නේ සෝනු නිගම් එක්ක වැඩක් කරන්න දුෂ්‍යන්ත් වීරමන්ගේ හීනයක් තියෙනවා.
දුෂ්‍යන්ත් - සිහින තියෙනවා අපි කාටත්. බලමුකෝ.
හරි, දුෂ්‍යන්ත් මේ කතාව මාධ්‍යයෙන් වසන් කරන්න සෑහෙන උත්සාහයක යෙදෙනවා. කොහොම වුණත් අපි මේ වන විට ඇත්ත දන්නවා.
මෙන්න ඇත්තම කතාව......
පසුගිය දා ඉන්දියාවේදි දුෂ්‍යන්ත්ට සෝනු නිගම්ව හම්බ වුණා.
ඊට පස්සේ දුෂ්‍යන්ත්ගේ හීනය වුනේ සෝනුත් එක්ක සින්දුවක් කරන්න.
වැඩේට සෝනු කැමැති වුන හින්දා ඒ හීනේ සැබෑ වුණා.
මේ වන කොට සෝනු නිගම්ගේ සහ දුෂ්‍යන්ත්ගේ එම ගීතයේ වැඩ කටයුතු පවා නිමා කරලයි තියෙන්නේ.
ඒ
සින්දුව ගැන විස්තර වගේම දුෂ්‍යන්ත්ගේ මේ සෝනු නිගම් සමග පවතින රහස්
ගනුදෙනුවේ තවත් තොරතුරු ඉදිරියේදී හිරු Web site එක හරහා අපි අනාවරණය
කරන්නම්.
දුෂ්යන්ත් එක්ක කළ කථාබහ ඔහුගේ හඩින්ම අහන්න පහතින්......
Dushyanth - WWW.HIRUFM.LK by HIRU FM
දුෂ්යන්ත්ගේ දේදුන්න වාගේ ගීතය මෙතැනින් ගන්න.......
2
Jan
2012
Jan
2012
dushanth
Powered by Blogger.
Popular Posts
-
BACK TO HOME
-
අසම්මත කථාවේ ඇත්ත.. ! - I කොටස - උදයන්ති කුලතුංග… පහුගිය දවස්වලට සෑහෙන කතාබහට ලක්වුණු චරිතයක්. ඇයත් ප්‍රවීන ගායකයෙකුත් සම්බන්...
-
Channa Perera Intervie Anjalika අංජලිකා is a 2006 Sinhala sentiment film composed by mahesh Rathsara and steered by Channa. The fil...
-
සමහර අය දූවරුන්ට කැමතියි. සමහර අය පුතුන්ට කැමතියි. තවත් සමහර අය දෙගොල්ලටම කැමතියි. ඉතින් තමන් කැමති කෙනා ඉපදුනේ නැති වු...
-
ශිහාන්ට තියා කාටවත්ම මගේ සින්දු දෙන්නේ නෑ - නාමල්. නාමල් උඩුගමගේ රෑ සිහිනෙන් සිංදුව ශිහාන් මිහිරංග ගායනා කරනවා අපිට මේ දවස්වල...
-
Why this Kolaveri Di .... ලෝකේ පුරාම ඉන්න රසික රසිකාවියන් අතරේ මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය Tamil සින්දුවක්. ලබන අවුරුද්දේ Release වෙන 3 ක...
-
The funny battle between Iraj & Chilli | ඉරාජ් සහ චිලීගේ අවුරුදු තුනක සිට පැවැතෙන සුන්දර වලිය..... The funny battle between Iraj...
-
කාම ලෝකය සත්වයෝ ජීවත්වන 31 ක් තලයකින් යුත් මේ මහා ලෝක ධාතුවෙන් තල 11 ක්ම කාම ලෝක වෙති . අප සැම ...
-
centigradz ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රයම සංගීත කණ්ඩායමක්. නමුත් අපිට දැනගන්න ලැබුණා දැන් Band එකේ කට්ටිය වෙන වෙනම වැඩකරන්නත් පටන් අරන් කියලා...