Archive for 2011

The funny battle between Iraj & Chilli | ඉරාජ් සහ චිලීගේ අවුරුදු තුනක සිට පැවැතෙන සුන්දර වලිය.....

The funny battle between Iraj & Chilli | ඉරාජ් සහ චිලීගේ අවුරුදු තුනක සිට පැවැතෙන සුන්දර වලිය.....


The funny battle between Iraj & Chilli | ඉරාජ් සහ චිලීගේ අවුරුදු තුනක සිට පැවැතෙන සුන්දර වලිය.....
Sunday, 02 October 2011 - 01:10 PM
Bookmark and Share
Comments (0)
Views 607 Times
ඉරාජ් සහ චිලී සෑහෙන කාලෙක ඉඳලා රහසිගතව රංඩු වෙනවා. තම කනින්ම ඇසූ සාක්ෂිකරුවන් පවසන අන්දමට චිලී නැති තැන ඉරාජ් චිලීට බනිනවා. ඉරාජ් නැති තැන චිලී ඉරාජ්ට බනිනවා. මේ වලිය පිළිබඳ තොරතුරු සොයා ගිය අපට වලියේ ආරම්භය ගැන ඇත්ත හොයා ගන්න පුළුවන් උනා.
දවස - 2009යේ ඉරාජ්ගේ උපන් දිනය
ස්ථානය - ඉරාජ්ගේ ගෙදර
ඉරාජ්ගේ Birth Day එක නිසා එදා Party එකක් තිබුනා. ගොඩක් අය ඒකට ආවා. අනේ ඉතින් චිලීත් ආවා. චිලීගේ හීන තටාකෙට සිංදුවත් වීඩියෝ එකත් ඒ වෙනකොට Release කරලයි තිබුනේ. වීඩියෝ එකේදි චිලී රඟ පාලා තිබුනේ ෂාරුක් ඛාන්ගේ මල්ලී වගේ හින්දා හැමෝම ඒ ගැන කතා කළා. ඔය අතරේ ඉරාජුත් මේ ගැන කියලා චිලීව Bite කළා. ඔන්න එතකොට චිලීට තද උනා. මේ ඉන් අනතුරුව දෙදෙනා අතර ඇතිවූ සංවාදය....
චිලී - “ඉරාජ් ඔයාගෙ සිංදු කවුරුත් දන්නෙත් නෑ...කවුරුත් අහන්නෙත් නෑ...... ”

ඉරාජ් - “ඔයා කොහොමද එහෙම කියන්නේ....මගේ සිංදු  Hit ද නැද්ද කියලා දැනගන්න ඕන්නං Radio Station වලට කථා කරන්න.... ”
චිලී - “හ්ම් ! ඔයාගේ කාලෙ ඉවරයි ඉරාජ්... දැන් තියෙන්නේ අපේ කාලේ.... ”

ඉරාජ් - “අනේ චිලී....!!! මට ඔයාව නිකං මදටි ඇටයක් වගේ...මං පෙන්නන්නංකො මං කවුද කියලා.... ”
දෙන්නා එනපොට හොඳ නෑ කියලා දැන ගත්ත Party එකට ආපු අනිත් යාළුවෝ චිලීවත් අරගෙන යන්න ගියා...යන අතරෙ චිලී ඉරාජ්ට හොඳටම බැන බැන තමයි ගිහිල්ලා තියෙන්නේ.... ඔන්න ඔහොම තමයි මේ සුන්දර වලිය පටන් අරං තියෙන්නේ... ඉරාජුත් වැඩේ අතෑරියේ නෑ.. මාධ්‍යයන් පවා ඉරාජ් මේ චිලීගේ “ෂාරුක් ඛාන්” නාඩගම ප්‍රසිද්ධ කරන්න ගත්තා...අවුරුදු 3ක් තිස්සේම දෙන්නට දෙන්නා මේ විදියට තැන තැන මඩ ගහ ගත්තා....
මේ ගැන අපි දෙන්නාගෙන්ම කෙලින්ම අහුවා.......
චිලී - “ඉරාජ් මාව අපහසුතාවයට පත් කරන්න හැදුවා.........!!! ”

ඉරාජ් - “ආනේ....මම එහෙම කළේ විහිලුවට....මට එයා පොඩි මල්ලියෙක් වගේ.......”
මෙන්න,අහලා බලලා ඔයාලම තීරණය කරන්නකෝ මේකෙ ඇත්ත නැත්ත.....

Udayanthi...


අසම්මත කථාවේ ඇත්ත.. ! - I කොටස -
උදයන්ති කුලතුංග… පහුගිය දවස්වලට සෑහෙන කතාබහට ලක්වුණු චරිතයක්. ඇයත් ප්‍රවීන ගායකයෙකුත් සම්බන්ධ කරලා කටකතා රටපුරා පැතිරුනා. ඒත් ඇත්ත මොකක්ද...? ඒ ගැන හරියටම දන්න දෙන්නයි ඉන්නේ. ඒ උදයන්ති කුලතුංග සහ සනත් නන්දසිරි මහත්මයා. ඉතින් අපි මුලින්ම කතාකළා උදයන්තිට.
ප‍්‍රශ්නය - උදයන්ති පහුගිය දවස්වල Web sitesවල කතාවක් පැතිරුනා ඔබවත්,සනත් නන්දසිරි මහත්තයත් සම්බන්ධ කරලා. ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ.
උදයන්ති - මං හිතන්නේ ඒකෙ තිබුණේ මගේ නම නෙමෙයි. මගේ නම වෙනස් කරලා කුදයන්ති උලතුංග කියලා එකේ තිබුණේ. ඒ වගේම ඒ ප‍්‍රවීන ශිල්පියගෙත් නම වෙනස් කරලයි තිබුණේ. මගේ Fansලා මට Call කරලා කිව්වම තමයි මම ගිහිල්ලා බැලූවේ.මේවා කරන්නේ මානසික ලෙඩ තියෙන අය. මගේ ජීවිතේට මම සනත් නන්දසිරි මහත්තයව ඇත්තට හරි ළගට හරි දැකලා නැහැ. මට හරිම දුකයිමට කමක් නැහැ මං ගැන මේ වගේ දේවල් කිව්වට. මොකද තරුණ නිළියන්ට කොහොමත් කතා හැදෙනවනේ. ඒත් මේ වගේ ප‍්‍රවීණයෙක්ව සම්බන්ධ කරලා කතා හදපු එක ගැන හරි දුකයි. බුදු දහමට අනුව මේ වගේ වැඩ කරන මානසික පිස්සන්ට ස්වභාවිකව හරි පරිසන් දෙනවා. එතුමාගේ තරහ කාරයෙකුයි මගේ තරහකාරයෙකුයි එකතු වෙලා වෙන්නැති මේ වගේ දෙයක් කරන්න ඇත්තේ.
Hiru Fm Sanath

ප‍්‍රශ්නය - උදයන්ති ඔය දෙන්නා ක්ෂේත‍්‍ර දෙකක. ඒ වගේ ම වයසෙනුත් සෑහෙන්න පරතරයක් තියෙනවා. ඉතිං මේ වගේ කතාවක් ඔය දෙන්නට ම හැදුණේ කොහොමද ? 
උදයන්ති - මං හිතන්නේ පෞද්ගලික තරහක් වෙන්නැති. අපි දෙන්නගෙම තරහකාරයෙක් වෙන්නැති. මේ වගේ කතා හදලා ප‍්‍රචාරය කලාම විශ්වාස කරන මිනිස්සු ප‍්‍රමාණය වැඩියි. ඇත්තටම ඔය කතා පතුරුවන මිනිස්සු හම්බවුනොත් ජීවිතේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම මම ඒ ගොල්ලන්ට දෙනවා.
ප‍්‍රශ්නය - ඔයා මේ සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග අරන් තියෙනවාද?
උදයන්ති - නීතියෙන් කි‍්‍රයාමාර්ග ගන්න බැලූවම Lawyer ලා කියනවා නම වෙනස් කරලා දාල තියෙන නිසා නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න බෑ කියලා.  මොනව කරන්නද නීතියේ රැහැනට අහු කර ගන්නත් බෑනේ.
Udayanthi Hiru fm

ප‍්‍රශ්නය - උදයන්ති ඔයාසනත් නන්දසිරි මහත්මයාව පෞද්ගලිකව හඳුනනවාද?
උදයන්ති - පෞද්ගලිකව මම ළගට දැකලත් නෑ. වචනයක්වත් කතා කරලත් නෑ. ඇත්තටම මම සත්‍යයි කියන්නේ දැකලත් නෑ. කතා කරලත් නෑ.
ප‍්‍රශ්නය එතකොට ඔයා එතුමාගේ ගෝලයෙක් කියලා කියනවා නේද?
උදයන්ති - එතුමාගෙන් මං කවදාවත් සංගීතය ඉගෙන ගෙන නෑ. මම කැම්පස් එකේ කලේ නාට්‍ය හා රංග කලාව. මං දැකලවත් නෑ ඉගෙනගෙනවත් නෑ.
ප‍්‍රශ්නය - උදයන්තිඅපි නැවතත් අහනවා. ඇයි  මේ වගේ කතාවක් හැදෙන්නෙ ඇත්තේ ?
උදයන්ති - මං හිතන්නේ ඔය කතා හදපු කෙනා සර් එක්කසනත්  නන්දසිරි මහත්තයත් එක්ක තියෙන තරහට ම කතාවක් හදන්න බලන්න ඇති. මේ දවස්වල ඉන්න ජනපි‍්‍රය චරිතයක් බලලා මේ කතාවට එකතු කරන්න ඇති. කොහොම වුනත් ජනපි‍්‍රයත්වය නිසා තමයි මේ ඔක්කොම දේවල්. මොකද කවුරුහරි Actress කෙනෙක්ට කතාවක් හදන්නනේ බලාගෙන ඉන්නේ. මට කියන්න තියෙන්නේ මේක පිස්සෙක්ගේ වැඩක්.


ප‍්‍රශ්නය - අවසාන වශයෙන් උදයන්ති ඔයාට මොනවාද කියන්න තියෙන්නේ ?
උදයන්ති - මගේ Fansලාට කියන්න  ඕනේ මේ වගේ මෝඩ මිනිස්සු යවන ප‍්‍රචාර නිසා මං ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න එපා කියලා. මං හරිම අහිංසක කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මේ කතා නිසා ගෙදර සෑහෙන්න ප‍්‍රශ්න ඇති වුණා. මං මානසිකව සෑහෙන්න වැටුණා. මට දුකයි මං ගැන. ඒත් මට කියන්න තියෙන්නේ බුදු දහමට අනුව කවද හරි ඒ අයට පල දෙයි.
ඒ වගේ ම විශේෂයෙන්  හිරුට ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ ඇත්ත කියන්න අවස්ථාවක් ලබාදුන්න එක ගැන. මොකද අපිට ඇත්ත කියන්න Media නෑ. Media වල ඔක්කොම යන්නේ බොරු කතා. ඒත් හිරු FM අපිට ඇත්ත කියන්න අවස්ථාව ලබාදුන්නා. හිරු FM එකට සුබ පතනවා.
උදයන්ති සමග කළ මේ සජීවී සංවාදය මෙතනින් අහන්න. මෙම කථාවේ II කොටස බලාපොරොත්තුවන්න..

COPYRIGHTS@HIRUFM.LK..........

Nehara


මගේ අතිනුත් වැරදි වෙන්න ඇති - නෙහාරා, I feel guilty too - Nehara
මේ දවස්වල වැඩිම කතාබහට ලක් වූ නිළිය... නෙහාරා පීරිස්. එයා ගැන කටකතා ගොඩයි. ඇත්ත නැත්ත දැනගන්නම ඕනෙ නිසා අපි කතා කළා නෙහාරට..
  • නෙහාරා... ඇත්තටම ඔයාගෙයි සැමියාගෙයි අතරෙ ප‍්‍රශ්න ඇති වුණා ද?
ඒක පෞද්ගලික දෙයක්. මටත් කියලා පෞද්ගලික ජීවිතයක් තියෙනවනේ. මේ හැම දෙයක්ම මම මාධ්‍යයට කියන්න  ඕනෙ ද? ප‍්‍රශ්න ඉතින් කාටත් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.
  • ඒ කියන්නේ මේ ප‍්‍රශ්නෙත් සාමාන්‍ය ප‍්‍රශ්නයක්.
මම හිතන්නේ ඒක දැනගන්න  ඕනෙ නැහැ.
  • හරි දැන් ඔයා කියන විදියට සාමාන්‍ය ප‍්‍රශ්න ඇති වුණා. ඒ කාගේ වරදින් ද? ඔයාගෙ ද ? සැමියාගෙ ද ?

                 Nehara

මෙහෙමයි දැන් මේ කටකතත් එක්ක ක්ෂේත‍්‍රයේ සහ ක්ෂේත‍්‍රයෙන් පිට අය ගොඩක් දේවල් කියනවා. ඒගොල්ල හිතන්න  ඕනෙ අනිත් අයට ඇඟිල්ල දික් කරන්න කළින් එයාල සම්පූර්ණ ද කියලා.  ඕනෙම කෙනෙකුට පවුල් ප‍්‍රශ්න ඇති වෙනවා. ඒවා ඇති වෙන්නේ එක්කෙනෙක්ගේ වරදින් විතරක් නොවෙයි. මගෙත් දුර්වලකම් ඇති, එයාගෙත් දුර්වලකම් තිබුණා. අපි දෙන්නගෙම වැරදි නිසා තමයි මෙහෙම වුණේ.
  • ඔයා හිතනව ද ඔයාගෙ සැමියට වඩා හොඳ කෙනෙක්ව දැන් ඔයාට හොයාගන්න පුළුවන් කියලා.
එහෙම එකක් ගැන මං තාම හිතලා නැ.
  • මේ ප‍්‍රශ්න ඇති වුණේ ඔයාගේ ජනප‍්‍රියත්වය නිස ද?
නෑ... ඒක මම 100% ක්ම කියනවා ජනප‍්‍රියත්වය නිසාවත්, ක්ෂේත‍්‍රයේ මොනවහරි දේවල් නිසාවත් නෙමෙයි මේ දේවල් ඇති වුණේ.

                          Nehara
  • එතකොට මේනකත් එක්ක තියෙන සම්බන්ධකම මොකක් ද ?
මායි මේනකයි යාළුවෝ විතරයි. මේ දවස්වල මං මොනව කළත් ඒක වැරදියටමයි පෙන්නේ. මේනකත් එක්ක මගේ මුකුත් සම්බන්ධයක් නැහැ.
  • ඔයාට ඒක  ඕනෙ තැනක කියන්න පුළුවන් ද ?
ඔව්..
  • එතකොට කොහොමද මේ විදියෙ කටකතාවක් හැදුනේ.. ඔයයි මේනකයි ගැන.
ගොඩක් කට්ටිය බලාගෙන හිටිය සෑහෙන කාලෙක ඉඳලා අපි දෙන්නා අතර මොනවහරි තියෙනවා කියලා කියන්න. ඒ වගේ මමයි සැමියයි අතර හැදිලා තියෙන කථාත් එක්ක, මේනකත් සම්බන්ධ කරලා ඔය වගේ කතා ගොඩක් හදලා තියෙනවා.
  • එතකොට ඔයයි මේනකයි ළඟදී සම්මාන උළෙලකට සහභාගි වුණා. දෙන්නම හිටියෙ එක ළඟ ඉදගෙන.
ඒක අපිට Invitation හම්බවුණ විදිහ. අපි දෙන්නට ඉදගන්න හම්බවුණේ එක ළඟ Seat එක. අනිත් එක අපි දෙන්නා මෙහෙම ඉදගෙන ඉන්න ඒවාවල Closeup පවා Capture කරලා තිබුණා මේ කටකතා තව තව වැඩි කරන්න වෙන්න ඇති. දැන් බලනකොට මමයි මේනකයි එකට ඉදගත්තත් වැරදියි. මං හිතන්නේ මේ හැමදෙයක්ම අපි දෙන්නා ගොඩක් ජනප‍්‍රිය නිසා හැදෙන කතා.

    Nehara
  • අනාගතය මොනව වෙයි ද ?
මම ගොඩක් හොඳ නිර්මාණවලට දායක වෙයි. විවිධ චරිත කරයි. එහෙම තමයි මගේ අනාගතය.
  • නෙහාරා බොහොම ස්තූතියි හිරුත් එක්ක කතාබහට එකතු වුණාට.
හිරුටත් ගොඩක් ස්තූතියි මේ වගේ විවෘතව ප‍්‍රශ්න අහලා  ඇත්ත කියන්න අවස්ථාව ලබාදෙනවට. මොකද මේ දවස්වල ගොඩක් Artist ලට මඩ ගහලා Web site වල ගොඩක් තොරතුරු යනවා. හරිම කළකිරෙනවා ඒවා දැක්කම. නමුත් හිරු කරන මේ දේ මම ගොඩක් අගය කරනවා..බොහොම ස්තූතියි...

මේ සංවාදය සජීවව අහන්න මෙතනින්...

Copyrights@hirufm.lk...


ශිහාන්ට තියා කාටවත්ම මගේ සින්දු දෙන්නේ නෑ - නාමල්.
නාමල් උඩුගමගේ රෑ සිහිනෙන් සිංදුව ශිහාන් මිහිරංග ගායනා කරනවා අපිට මේ දවස්වල අහන්න ලැබෙනවා. අපි මේ ගැන කෙලින්ම නාමල්ගෙන් ඇහුවා.
  • නාමල්,  ඔයා ශිහාන් මිහිරංගට ඔයාගේ රෑ සිහිනෙන් සිංදුව විකුණුව ද ?
නෑ නෑ. මම කිසිම කෙනෙක්ට සිංදුවේ අයිතිය දීලා නෑ. Ringing Tone වලට දෙන්න  ඕනේ නිසා එයාගේ voice දැම්මා. ශිහාන්ට තියා කිසිම කෙනෙකුට මං මගේ සිංදු දෙන්නේ නෑ. මං මහන්සි වෙලා හදපු ඒවානේ... මගේ සිංදු, මං ළඟ තියා ගන්නවා.. මොකද ඒකේ අයිතිකාරයෙක් මට ඉන්නවා, පොඩියට තාම හැදීගෙන.
  • අපිට ආයිමත් පැහැදිලිව කියන්න පුළුවන්ද ඒ කතාව.
මම Ringing Tone වලට සිංදු දෙක තුනක් දුන්නා. ඒවයින් එකක් තමයි මේක. Company එක කිව්වා පොඩි වෙනසක් කරමුද කියලා. මං කිව්වා ප‍්‍රශ්නයක් නෑ, ශිහාන්ට සිංදු කියන්නත් පුළුවන්නේ.
  • තව මොනවද දීපු සිංදු ?
තව සිංදු කිහිපයක් තියෙනවා. මට කලබලයට මතක් වෙන්නේ නෑ.
  • සිංදු ඔයා දුන්නේ සල්ලි හම්බවෙන නිසා ද ?
ඔව්, මුදල් කියන දේවල් අපිට අවශ්‍ය වෙනවා. මගේම නිර්මාණයක් නිසා මට හිතුනා දෙන්න. සම්පූර්ණ අයිතිය නෙමෙයි. යම් කිසි කාලසීමාවකට Ringing tone වලට විතරයි දුන්නේ.
  • රෑ සිහිනෙන් සිංදුව ඔයා කියපු එකද හොඳ ? ශිහාන් කියපු එකද හොඳ ?
ශෛලීන් දෙකක් නිසා හරියටම කියන්න බෑ. මම හොඳ නෑ කියලා, මම කොහොමටත් කියන්නේ නෑ. මම උපරිම උත්සාහ කරලා තමයි සිංදුවක් voice කරන්නේ. ශිහානුත් අවුලක් නෑ. එයාගේ ශෛලීයට එයා ගායනා කරලා තියෙනවා. මගේ ශෛලීයට මම ගායනා කරලා තියෙනවා.

Shihan Mihiranga Hiru FM

  • ඔයාට තිබුනනේ ඒ සිංදුව Re-make කරන්න.
ඔව්, මම කරන්න හිටියේ. මම තව අළුත් සිංදුවක් කරලත් තියෙනවා. ඒ සිංදුව පුළුවන් තරම් ඉක්මනින් දෙන්නම් තාම mix කරලා නෑ.
  • කාලයක් තිබුණා නාමල් උඩුගමට හැමෝම පිස්සු වැටිච්ච. දැන් නාමල් උඩුගම යුගය ඉවරයි ද ?
දෙවියන්ට පිං සිද්ද වෙන්න ජනපි‍්‍රයත්වයෙන් නම් කිසිම අඩු කමක් නෑ.
  • ඉදිරියේදිත් ඔයාගේ සිංදු වෙන අය කියයි ද ?
මට පුතෙක් ඉන්නවා, එයාට තමා සිංදුවල අයිතිය තියෙන්නේ. කියනවා නම් කියන්නේ එයා තමයි.

මගේ සිංදු කිව්වට ප‍්‍රශ්නයක් නෑ. CD වලටවත්, Rights වත් කිසිම කෙනෙකුට දෙන්නේ නෑ, දෙන්න පොරොන්දු වෙලත් නෑ.

Namal Udugama Hiru FM

  • ඇයි බයයි ද ? ඔයාට වැඩිය හොඳට වෙන කවුරු හරි කියයි කියලා.
නෑ මං බය නෑ. මං හදපු සිංදු කියන්න මං බය නෑ.
  • එහෙනම් ඇයි වෙන කෙනෙකුට දෙන්න කැමති නැත්තේ ?
වෙන කෙනෙකුට දෙන්න අකමැතිකම නෙමෙයි, දුන්නම හරි කරදරවලට මුහුණ දෙන්න වෙනවා.
  • අළුත් ජවයකින් පරණ සිංදු ටික Re-make කරලා ගත්තොත් මොකද ?
සමහර විට ළඟදි කරන්නත් පුළුවන්.
  • හරි, අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා......

නාමල් සමග කළ මේ සජීවී සංවාදය මෙතනින් අහන්න.


 
Copyrights@hirufm.lk

Powered by Blogger.