Kama Lokaya

කාම ලෝකය



     සත්වයෝ ජීවත්වන 31ක් තලයකින් යුත් මේ මහා ලෝක ධාතුවෙන් තල11ක්ම කාම ලෝක වෙති.  අප සැම දෙනම ඉපිද සිටින්නේ මනුස්ස ලෝකයනම් වූ ඉන් එක් කාම ලෝකයකයඅනෙක් කාම ලෝක 10 නම් දිව්ලෝක 6 සහ සතර අපායයි    අප කාටත් කිසිවෙකුට හිරිහැරයක් නොවන ලෙස ශිෂ්ඨ අයුරින් කම් සැපවිඳීමේ අයිතියක් ඇතඑය බලවත් වරදක් නොවේ.  එය ආචාරශීලිව කළයුක්තක් වන අතර මිත්යාචාරයෙන් තොරවිය යුතුය.  සඳහා අනවශ් බියක්ඇති නොකර ගත යුතුයඑය සොරකමක් නොවේ.  දෙවියෝ  කම් සැපවිඳිති.  අනාගාමී ඵලය ලබන තෙක්ම මිනිසාගේ කාමයන්ට ඇති ආසාවසහමුලින්ම නැති නොවේ.      ලෞකික වූ අප කවුරුත් කම් සැපය හෙවත් කාමයන්ට ඇලුම් කරමුරූපශබ්ද,ගන්ධරසස්ඵර්ශ කියන්නාවූ මේ පන්ච කාමයන්ගේ ග්රහණයට හසු නොවන්නවූකෙනෙක් ඇත්නම්  ආර්ය් උත්තමයෙකිඅප කාගේත් අවසන් අරමුණ වියයුත්තේද හැකි ඉක්මනින් එම උත්තම තත්වයට පත්වීමයිඑහෙත් පුද්ගලානුරූපවවිවිධ හේතූන් මත   අයට  සඳහා කිසියම් වූ කාල සීමාවක් ගතවනු ඇත.      උදාහරණයක් ලෙස අලුත විවාහ වූ දෙදෙනෙකුට තම යුග දිවිය සතුටින් ගෙනයාමට අවශ් වනු ඇතඑමෙන්ම සාමාන්යයෙන් අවුරුදු 50ක් පමණ වනතෙක්ශාරීරික අවශ්යතාව මත කම්සැප විඳීමට බොහෝ අයට අවශ් වනු ඇතදරුවන්යෞවනත්වයට පත් වීමෙන් පසු මේ සම්බන්ධව නිවැරදි අවබෝධයක් නොලදහොත් නොයෙක් අපචාරයන්ටද ගොදුරු වී ජීවිත අඳුරු කරගත හැකිය.      එවැනිවූ සියලු දෙනාටම සදාචාරාත්මකවආචාරශීලීවනිරෝගීව තමදිවිපෙවෙත ගෙනයාමට නිවැරදි දැක්මක් අවශ්යයිඑනිසා එවන්වූ බොහෝදෙනෙකුගේ ජීවනාභිවෘද්ධිය වෙනුවෙන් පිරිසිදු සිතින් මෙම වෙබ් අඩවිය විවෘත වන බව සතුටින් දන්වන අතරම ක්රමාණුකූලව පන්ච කාමයන්ගේ පිණවීම පටන්පන්ච කාමයන්ගෙන් නික්මීම දක්වාම අවශ් මග පෙන්වීමටද අප සූදානම්ය.       මේ සම්බන්ඳව අපගේ මනසේ තැන්පත්වී ඇති වැරදි ආකල්ප අප අයින්කර ගත යුතුයවිවාහවී ටික කලකින්ම බොහෝ දෙනෙකුට තම බිරිඳ හෝ සැමියා ගැන වැඩි ආසාවක් ඇති නොවෙයිඊට හේතුව නම් තමන්ගේ බිරිඳ හෝ සැමියා අන් කාන්තාවන් හෝ පිරිමින් හා සන්සන්ඳනය කර මැනීමයි.එවිට තම බිරිඳට හෝ සැමියාට වඩා තමන් දුටු අනෙක් කෙනාගේ රූපයලස්සනයි වටිනවා යයි සිතෙයිමෙය මායාවකිකවදාවත් මෙහි කෙලවරක්නැත.      ඔබට අවශ් නම් ඔබේ බිරිඳ හෝ සැමියා  කැමති ඕනෑම විදියකටවෙනස් කළ හැකියදෙදෙනාම කතාබහ කොට ඇඳුම් ආදී ඉරියව් වලින්වෙනස් වි සතුටින් තම පවුල් ජීවිතය ගෙනයා හැකිය. දක්ෂ කෙනෙකුට තමබිරිඳ දෙවඟනක් කරගත හැකියඑමෙන්ම  දක්ෂ  බිරිඳකට  තම  සැමියා දෙවියෙක් කරගත හැකිය.   සඳහා පළමුවෙන් ඔබ වෙනස් වී ඔබේ අඩුපාඩුහදා ගත යුතුයඑවිට ඇය හෝ ඔහු නිබඳවම වෙනස් වෙනු ඇත.(යුග දිවිය සාර්ථක කර ගැනීම සඳහා වටිනා උපදේශන ලිපි මාලාවක් මෙමවෙබ් අඩවියෙන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.)

Leave a Reply

Powered by Blogger.