Nehara


මගේ අතිනුත් වැරදි වෙන්න ඇති - නෙහාරා, I feel guilty too - Nehara
මේ දවස්වල වැඩිම කතාබහට ලක් වූ නිළිය... නෙහාරා පීරිස්. එයා ගැන කටකතා ගොඩයි. ඇත්ත නැත්ත දැනගන්නම ඕනෙ නිසා අපි කතා කළා නෙහාරට..
  • නෙහාරා... ඇත්තටම ඔයාගෙයි සැමියාගෙයි අතරෙ ප‍්‍රශ්න ඇති වුණා ද?
ඒක පෞද්ගලික දෙයක්. මටත් කියලා පෞද්ගලික ජීවිතයක් තියෙනවනේ. මේ හැම දෙයක්ම මම මාධ්‍යයට කියන්න  ඕනෙ ද? ප‍්‍රශ්න ඉතින් කාටත් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.
  • ඒ කියන්නේ මේ ප‍්‍රශ්නෙත් සාමාන්‍ය ප‍්‍රශ්නයක්.
මම හිතන්නේ ඒක දැනගන්න  ඕනෙ නැහැ.
  • හරි දැන් ඔයා කියන විදියට සාමාන්‍ය ප‍්‍රශ්න ඇති වුණා. ඒ කාගේ වරදින් ද? ඔයාගෙ ද ? සැමියාගෙ ද ?

                 Nehara

මෙහෙමයි දැන් මේ කටකතත් එක්ක ක්ෂේත‍්‍රයේ සහ ක්ෂේත‍්‍රයෙන් පිට අය ගොඩක් දේවල් කියනවා. ඒගොල්ල හිතන්න  ඕනෙ අනිත් අයට ඇඟිල්ල දික් කරන්න කළින් එයාල සම්පූර්ණ ද කියලා.  ඕනෙම කෙනෙකුට පවුල් ප‍්‍රශ්න ඇති වෙනවා. ඒවා ඇති වෙන්නේ එක්කෙනෙක්ගේ වරදින් විතරක් නොවෙයි. මගෙත් දුර්වලකම් ඇති, එයාගෙත් දුර්වලකම් තිබුණා. අපි දෙන්නගෙම වැරදි නිසා තමයි මෙහෙම වුණේ.
  • ඔයා හිතනව ද ඔයාගෙ සැමියට වඩා හොඳ කෙනෙක්ව දැන් ඔයාට හොයාගන්න පුළුවන් කියලා.
එහෙම එකක් ගැන මං තාම හිතලා නැ.
  • මේ ප‍්‍රශ්න ඇති වුණේ ඔයාගේ ජනප‍්‍රියත්වය නිස ද?
නෑ... ඒක මම 100% ක්ම කියනවා ජනප‍්‍රියත්වය නිසාවත්, ක්ෂේත‍්‍රයේ මොනවහරි දේවල් නිසාවත් නෙමෙයි මේ දේවල් ඇති වුණේ.

                          Nehara
  • එතකොට මේනකත් එක්ක තියෙන සම්බන්ධකම මොකක් ද ?
මායි මේනකයි යාළුවෝ විතරයි. මේ දවස්වල මං මොනව කළත් ඒක වැරදියටමයි පෙන්නේ. මේනකත් එක්ක මගේ මුකුත් සම්බන්ධයක් නැහැ.
  • ඔයාට ඒක  ඕනෙ තැනක කියන්න පුළුවන් ද ?
ඔව්..
  • එතකොට කොහොමද මේ විදියෙ කටකතාවක් හැදුනේ.. ඔයයි මේනකයි ගැන.
ගොඩක් කට්ටිය බලාගෙන හිටිය සෑහෙන කාලෙක ඉඳලා අපි දෙන්නා අතර මොනවහරි තියෙනවා කියලා කියන්න. ඒ වගේ මමයි සැමියයි අතර හැදිලා තියෙන කථාත් එක්ක, මේනකත් සම්බන්ධ කරලා ඔය වගේ කතා ගොඩක් හදලා තියෙනවා.
  • එතකොට ඔයයි මේනකයි ළඟදී සම්මාන උළෙලකට සහභාගි වුණා. දෙන්නම හිටියෙ එක ළඟ ඉදගෙන.
ඒක අපිට Invitation හම්බවුණ විදිහ. අපි දෙන්නට ඉදගන්න හම්බවුණේ එක ළඟ Seat එක. අනිත් එක අපි දෙන්නා මෙහෙම ඉදගෙන ඉන්න ඒවාවල Closeup පවා Capture කරලා තිබුණා මේ කටකතා තව තව වැඩි කරන්න වෙන්න ඇති. දැන් බලනකොට මමයි මේනකයි එකට ඉදගත්තත් වැරදියි. මං හිතන්නේ මේ හැමදෙයක්ම අපි දෙන්නා ගොඩක් ජනප‍්‍රිය නිසා හැදෙන කතා.

    Nehara
  • අනාගතය මොනව වෙයි ද ?
මම ගොඩක් හොඳ නිර්මාණවලට දායක වෙයි. විවිධ චරිත කරයි. එහෙම තමයි මගේ අනාගතය.
  • නෙහාරා බොහොම ස්තූතියි හිරුත් එක්ක කතාබහට එකතු වුණාට.
හිරුටත් ගොඩක් ස්තූතියි මේ වගේ විවෘතව ප‍්‍රශ්න අහලා  ඇත්ත කියන්න අවස්ථාව ලබාදෙනවට. මොකද මේ දවස්වල ගොඩක් Artist ලට මඩ ගහලා Web site වල ගොඩක් තොරතුරු යනවා. හරිම කළකිරෙනවා ඒවා දැක්කම. නමුත් හිරු කරන මේ දේ මම ගොඩක් අගය කරනවා..බොහොම ස්තූතියි...

මේ සංවාදය සජීවව අහන්න මෙතනින්...

Copyrights@hirufm.lk...

Leave a Reply

Powered by Blogger.