ශිහාන්ට තියා කාටවත්ම මගේ සින්දු දෙන්නේ නෑ - නාමල්.
නාමල් උඩුගමගේ රෑ සිහිනෙන් සිංදුව ශිහාන් මිහිරංග ගායනා කරනවා අපිට මේ දවස්වල අහන්න ලැබෙනවා. අපි මේ ගැන කෙලින්ම නාමල්ගෙන් ඇහුවා.
  • නාමල්,  ඔයා ශිහාන් මිහිරංගට ඔයාගේ රෑ සිහිනෙන් සිංදුව විකුණුව ද ?
නෑ නෑ. මම කිසිම කෙනෙක්ට සිංදුවේ අයිතිය දීලා නෑ. Ringing Tone වලට දෙන්න  ඕනේ නිසා එයාගේ voice දැම්මා. ශිහාන්ට තියා කිසිම කෙනෙකුට මං මගේ සිංදු දෙන්නේ නෑ. මං මහන්සි වෙලා හදපු ඒවානේ... මගේ සිංදු, මං ළඟ තියා ගන්නවා.. මොකද ඒකේ අයිතිකාරයෙක් මට ඉන්නවා, පොඩියට තාම හැදීගෙන.
  • අපිට ආයිමත් පැහැදිලිව කියන්න පුළුවන්ද ඒ කතාව.
මම Ringing Tone වලට සිංදු දෙක තුනක් දුන්නා. ඒවයින් එකක් තමයි මේක. Company එක කිව්වා පොඩි වෙනසක් කරමුද කියලා. මං කිව්වා ප‍්‍රශ්නයක් නෑ, ශිහාන්ට සිංදු කියන්නත් පුළුවන්නේ.
  • තව මොනවද දීපු සිංදු ?
තව සිංදු කිහිපයක් තියෙනවා. මට කලබලයට මතක් වෙන්නේ නෑ.
  • සිංදු ඔයා දුන්නේ සල්ලි හම්බවෙන නිසා ද ?
ඔව්, මුදල් කියන දේවල් අපිට අවශ්‍ය වෙනවා. මගේම නිර්මාණයක් නිසා මට හිතුනා දෙන්න. සම්පූර්ණ අයිතිය නෙමෙයි. යම් කිසි කාලසීමාවකට Ringing tone වලට විතරයි දුන්නේ.
  • රෑ සිහිනෙන් සිංදුව ඔයා කියපු එකද හොඳ ? ශිහාන් කියපු එකද හොඳ ?
ශෛලීන් දෙකක් නිසා හරියටම කියන්න බෑ. මම හොඳ නෑ කියලා, මම කොහොමටත් කියන්නේ නෑ. මම උපරිම උත්සාහ කරලා තමයි සිංදුවක් voice කරන්නේ. ශිහානුත් අවුලක් නෑ. එයාගේ ශෛලීයට එයා ගායනා කරලා තියෙනවා. මගේ ශෛලීයට මම ගායනා කරලා තියෙනවා.

Shihan Mihiranga Hiru FM

  • ඔයාට තිබුනනේ ඒ සිංදුව Re-make කරන්න.
ඔව්, මම කරන්න හිටියේ. මම තව අළුත් සිංදුවක් කරලත් තියෙනවා. ඒ සිංදුව පුළුවන් තරම් ඉක්මනින් දෙන්නම් තාම mix කරලා නෑ.
  • කාලයක් තිබුණා නාමල් උඩුගමට හැමෝම පිස්සු වැටිච්ච. දැන් නාමල් උඩුගම යුගය ඉවරයි ද ?
දෙවියන්ට පිං සිද්ද වෙන්න ජනපි‍්‍රයත්වයෙන් නම් කිසිම අඩු කමක් නෑ.
  • ඉදිරියේදිත් ඔයාගේ සිංදු වෙන අය කියයි ද ?
මට පුතෙක් ඉන්නවා, එයාට තමා සිංදුවල අයිතිය තියෙන්නේ. කියනවා නම් කියන්නේ එයා තමයි.

මගේ සිංදු කිව්වට ප‍්‍රශ්නයක් නෑ. CD වලටවත්, Rights වත් කිසිම කෙනෙකුට දෙන්නේ නෑ, දෙන්න පොරොන්දු වෙලත් නෑ.

Namal Udugama Hiru FM

  • ඇයි බයයි ද ? ඔයාට වැඩිය හොඳට වෙන කවුරු හරි කියයි කියලා.
නෑ මං බය නෑ. මං හදපු සිංදු කියන්න මං බය නෑ.
  • එහෙනම් ඇයි වෙන කෙනෙකුට දෙන්න කැමති නැත්තේ ?
වෙන කෙනෙකුට දෙන්න අකමැතිකම නෙමෙයි, දුන්නම හරි කරදරවලට මුහුණ දෙන්න වෙනවා.
  • අළුත් ජවයකින් පරණ සිංදු ටික Re-make කරලා ගත්තොත් මොකද ?
සමහර විට ළඟදි කරන්නත් පුළුවන්.
  • හරි, අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා......

නාමල් සමග කළ මේ සජීවී සංවාදය මෙතනින් අහන්න.


 
Copyrights@hirufm.lk

Leave a Reply

Powered by Blogger.