Archive for January 2012

kolaveri

Why this Kolaveri Di  ....
ලෝකේ පුරාම ඉන්න රසික රසිකාවියන් අතරේ මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය  Tamil සින්දුවක්. ලබන අවුරුද්දේ Release වෙන 3 කියන Film එකේ තමයි මේ සින්දුව තියෙන්නේ.
Why This Kolaveri Di
සින්දුව ගැන කතා කරන්න කලින් අපි මේ Film එක ගැන විස්තර ටිකක් හොයලා බලමුකෝ. 3 Movie එක අධ්‍යක්ෂණය කරන්නේ සුපිරි නළු රජිනි ඛාන්ත්ගේ දුව අශ්චර්යා. එතකොට Movie එකේ රගපාන්නේ අශ්චර්යාගේ Husband ධනුෂ් එක්ක Shruthi Hassan. ධනුෂ්ගේ තාත්තා ඒ කිව්වේ අධ්‍යක්ෂ කස්තුරි රාජා තමයි 3 Movie  එක නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ මේක පවුලේ වැඩක්.
Why This Kolaveri Di_Anirudh,Dhanush,Shruti Hassan, Aishwarya

රජිනි ඛාන්ත්ගේ බෑනා ධනුෂ්, ධනුෂ් කිව්වට එයාගේ කලින් නම Venkatesh Prabhu Kasthuri. ඔහු දක්ෂ නළුවෙක් විතරක් නොවෙයි ගායකයෙක් වගේම ගීත රචකයෙක්. Why this Kolaveri Di සින්දුව ලියලා තියෙන්නෙත් ඔහුමයි. සින්දුව ලියන්න ධනුෂ්ට විනාඩි 6යි ගිහිල්ලා තියෙන්නේ. මේ සින්දුව කියන්නෙත් ඔහුමනේ. Why this Kolaveri Di Record කරලා සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරන්න විනාඩි 20ක් ඇතුළත පුළුවන් වෙලා.
Why This Kolaveri Di_Anirudh,Dhanush,Shruti Hassan, Aishwarya
දමිළ වගේම ඉංග්‍රීසි වචනත් එකතු කරලා ලියපු මේ සින්දුව සංගීත අධ්‍යක්ෂණය කළේ Anirudh Ravichander.
මේ තියෙන්නේ ඒ සිංදුව හදන වේලාවේ කරපු වීඩියෝ එක...
Kolaveri Di featuring Nevaan Nigam- Sonu Nigam
නියම වැඩේ ඒක නෙවෙයි....මේ සිංදුව Popular Indian Play Back Singer Sonu Nigam Nevaan Nigam කියන විදියත් බලලා කොහොමද කියලා කියන්නකෝ....

centigradz ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රයම සංගීත කණ්ඩායමක්. නමුත් අපිට දැනගන්න ලැබුණා දැන් Band  එකේ කට්ටිය වෙන වෙනම වැඩකරන්නත් පටන් අරන් කියලා.

අපි මුලින්ම කථාකළේ centigradz සංගීත කණ්ඩායමේ උදයට


උදය..........   සසුමන් සලයි... ඔයාගේ  අළුත්ම සින්දුව

මේ සින්දුවේ සංගීත අධ්‍යක්ෂණය තුසිත් ද ?

නෑ ඒක පෞද්ගලිකව මං කරපු සින්දුවක්,

දැන් වෙනද ඔයාලගේ හැම සිංදුවක්ම කලේ තුසිත්...

ඇයි මේ සිංදුවට තුසිත් සම්බන්ධ නොවූයෙ ?

දැන් මෙහෙමයි උරුමය Album එකේ මම තනියෙන් සිංදු Sing කරලා තියෙනවා ඒ වගේම ඒ අතරෙහි අපි 3 rd party වැඩ වලටත් දායක වෙනවා. ඒකියන්නෙ Band එකෙන් පිට වැඩවල තුසිත් කරනවා. මමත් එහෙම කරනවා.

උදයට තියෙනවද Band එකේ අනිත් අයට වැඩියෙ ඉස්මතුවීමේ බලාපොරොත්තුවක් ?

අනේ නෑ .......... එහෙම බලාපොරොත්තුවක් නෑ...

උයද ඔයා ඔයාගෙ ගෙදර අළුතින් Studio එකක් දැම්මනේ ?

ඔව්

ඔයාට තුසිතගෙ Studio එකේ ඉඩ මදි උනාද එහෙම කළේ ?

අනේ නෑ..... ඒකෙ ඉඩ හොඳටම තියෙනවා...

centigradz  එක ඇතුලේ කරන හැම නිර්මාණ කටයුත්තකම අපි එකට කරන්නේ. පෞද්ගලිකව මට එන වැඩ තමයි මගේ ගෙදර Studio එකේ කරන්නේ..

එහෙම නැතුව තුසිත් එක්ක ප‍්‍රශ්නයක් නෑනේ ?

අනේ නෑ...........

හරි අපි ඊලඟට කතා කලේ තුසිත්ට


තුසිත් මේ ලඟදි ඉඳලා වෙනමම තනියෙන් ගමන් යන්න පටන් අරන් ....

centigradz Collaboration කියලා තිබුණු TAG එක දැන් ඇහෙන්නේ Thusith Collaboration කියලා..

ඒ ඇයි...

එහෙම එකක් නෑ ....

මාව හඳුන්වල දෙන්න තමයි එහෙම කරන්නේ..

මොකද තව අවුරුදු ගානකින් අපිව අමතක උනත් සිංදුව අහද්දි මාව වත් මතක්වෙයි කියලා...

ඒකියන්නේ නමක් හදාගන්න කරන වැඩක් ?

දැන් මෙහෙමයි කොහොමත් මම Music Producer කෙනෙක් කියලා දන්නෝ දනිති.

Band එකේ අනිත් අයගෙන් ගැලවිලා තනි ගමනක් යන්නද හදන්නේ ?

අනේ නෑ එහෙම එකක් නෑ...........

තව චෝදනාවක් තියෙනවා තුසිත් ඔයා වැඩක් කරද්දි හරිම Slow කියලා..........

අනේ ඒක නම් අමූලික ඇත්ත.. මොකද මට අළුත් වැඩක් කරද්දි කාලය  ඕනි හිතන්න.. ඒකයි..

මේ කතාව කියෙවුවට මදි... මොකද අහද්දි තමයි හොඳ හොඳ ඒවා දැනගන්න ලැබෙන්නේ...


අපි මුලින්ම කථාකළේ centigradz සංගීත කණ්ඩායමේ උදයට....
UDAYA - WWW.HIRUFM.LK by HIRU FM
තුසිත අපිට කිවුවෙ මෙහෙමයි....
Thusith-WWW.HIRUFM.LK by HIRU FM
මේ තමයි උදය අළුතින්ම කළ ගීතය
http://www.youtube.com/watch?feature=player_embedded&v=L7uMDn1W8Ek

dushanth

යනයට, රංගනයට වගේම නර්තනයටත් විශේෂ දක්ෂකම් තියෙන කෙනෙක් තමයි දුෂ්‍යන්ත් වීරමන් කියන්නේ. පසුගිය දා අපිට දුෂ්‍යන්ත් ගැන අමුතුම දෙයක් ආරංචි වුණා. ඒ නිසාම අපි දුෂ්‍යන්ත්ට කතා කලා.


ප‍්‍රශ්නය - දුෂ්‍යන්ත් කොහොම ද?

දුෂ්‍යන්ත් - හොදින් ඉන්නවා. Album එකත් කලා. පොතත් නිකුත් කළා. ඒ වැඩ කෙරෙන විදිය ගැන බලාගෙන ඉන්නවා.

ප‍්‍රශ්නය - පසුගිය දවස්වල ඉන්දියාවේ තමයි හිටියේ නේද?

දුෂ්‍යන්ත් - ම්හ්... නෑ මම ලංකාවේ හිටියේ.

ප‍්‍රශ්නය - නෑ නෑ ඔයා ඉන්දියාවට ගියා.

දුෂ්‍යන්ත් - ම්හ්. ගිය සුමානේ වාගේ දවස් දෙකකට විතර පොඩි Trip එකක් දාලා ආවා.

ප‍්‍රශ්නය - හරි ඒ ගමනේදි ඔයා ඉන්දියාවේ බොහොම ජනපි‍්‍රය පුද්ගලයෙක්ව මුණ ගැහුනා.
දුෂ්‍යන්ත් - කවුද ඔයාලට මේවා කියන්නේ.

ප‍්‍රශ්නය - දුෂ්‍යන්ත් හිරු කියන්නේ Artist ලත් එක්ක ලගින්ම ඉන්න Channel  එකක්. අපිට බොරු කරන්න බෑ හරිද? දුෂ්‍යන්ත් කියන්න බලන්න ඉන්දියාවේ සුපිරු තරුවක් එක්ක මොකක්ද ඔයාට තියෙන ගනුදෙනුව?

දුෂ්‍යන්ත් - අනේ එහෙම කිසිම ගනුදෙනුවක් නෑ. මම නිකම්ම ගිහිල්ලා යාලූවෙක් හම්බ වෙලා ආවා.

ප‍්‍රශ්නය - යාලූවා සෝනු නිගම් නේද ?


දුෂ්‍යන්ත් - ආ.. කවුද ඇත්තටම ඔයාලට මේවා කියන්නේ ?

ප‍්‍රශ්නය - කවුරු කිව්වත් කතාව ඇත්තනේ.

දුෂ්‍යන්ත් - ඇත්ත වෙන්නත් පුළුවන්.

ප‍්‍රශ්නය - අපි දන්නවා ඔයා ඉන්දියාවට ගියා. සෝනු නිගම්ව හම්බ වුණා. ඒ ඇයි?

දුෂ්‍යන්ත් - මට පොඩි අවස්ථාවක් හම්බ වුණා සෝනුව හම්බ වෙන්න.

ප‍්‍රශ්නය - සොනුව කලින් ඉදන් දන්නවාද?

දුෂ්‍යන්ත් - ඔව් ටික කාලෙක ඉදන් දන්නවා.

ප‍්‍රශ්නය - කොහොම ද ඒ දැන ඇදුනුම්කම පටන් ගත්තේ.

දුෂ්‍යන්ත් - මගේ කරලිය Concert  එක සෝනු අහම්බෙන් දැකලා තියෙනවා. ඒ වගේම එයත් මයිකල් ජැක්සන්ගේ Fan කෙනෙක්. ඒ වගේම මේ අවුරුද්දේ මම කැලිෆෝනියාවල T-Pain එක්ක  ඕපනින් එකක් කළා. එතකොට මට හම්බ වුණ ප‍්‍රඩියුසස් කරන කට්ටිය. ඒ කට්ටියත් එක්ක සෝනුත් වැඩ කරනවා. ඒ හරහා සහ වගේ කරලිය Concert එක දැකලා ඊට පස්සේ තමයි ඒක කරපු කෙනාව හම්බ වෙන්න තිබුණොත් හොදයි කියලා එයා කියලා තියෙන්නේ.

ප‍්‍රශ්නය - මට නම් මේක විශ්වාස කරන්නත් අමාරුයි. ඒ කියන්නේ ලෝක ප‍්‍රසිද්ධ සෝනු නිගම් ඔයාගේ රසිකයෙක් කියලද?

දුෂ්‍යන්ත් - මමත් ඉතින් සෝනුගේ රසිකයෙක්නේ.

ප‍්‍රශ්නය - ඔයාගේ අයියා සන්තුෂ්, ඒ වගේම භාතිය ඉන්දියන් Artist ලත් එක්ක සින්දු කිව්වා. Videos කලා. මේවා බලල ඔයාටත් ආසාවක් ආවාද ඉන්දියන් Artist කෙනෙක් එක්ක වැඩ කරන්න.

දුෂ්‍යන්ත් - එහෙමමත් නොවෙයි මට අවස්ථාවක් හම්බ වුණා සෝනුව හම්බ වෙන්න. තාම මොන වාගේ වැඩක් වෙයිද දන්නේ නෑ. එහෙම වැඩක් කරන්න හිත යට කැමැත්තක් නැත්තෙත් නැහැ.

ප‍්‍රශ්නය - හරි ඔයා හිතනවද එහෙම වැඩක් කලොත් සාර්ථක වෙයි කියලා. මොකද සොනු කියන්නේ ලෝක ප‍්‍රසිද්ධ කෙනෙක්. එයා ඔයත් එක්ක වැඩක් කරන්න එකග වෙයිද?

දුෂ්‍යන්ත් - සමහර වෙලාවට සිහිනත් සැබෑ වෙනවා.

ප‍්‍රශ්නය - ඔන්න ඇත්ත එළි වුණා. ඒ කියන්නේ සෝනු නිගම් එක්ක වැඩක් කරන්න දුෂ්‍යන්ත් වීරමන්ගේ හීනයක් තියෙනවා.

දුෂ්‍යන්ත් - සිහින තියෙනවා අපි කාටත්. බලමුකෝ.

හරි, දුෂ්‍යන්ත් මේ කතාව මාධ්‍යයෙන් වසන් කරන්න සෑහෙන උත්සාහයක යෙදෙනවා. කොහොම වුණත් අපි මේ වන විට ඇත්ත දන්නවා.


මෙන්න ඇත්තම කතාව......

පසුගිය දා ඉන්දියාවේදි දුෂ්‍යන්ත්ට සෝනු නිගම්ව හම්බ වුණා.
ඊට පස්සේ දුෂ්‍යන්ත්ගේ හීනය වුනේ සෝනුත් එක්ක සින්දුවක් කරන්න.
වැඩේට සෝනු කැමැති වුන හින්දා ඒ හීනේ සැබෑ වුණා.
මේ වන කොට සෝනු නිගම්ගේ සහ දුෂ්‍යන්ත්ගේ එම ගීතයේ වැඩ කටයුතු පවා නිමා කරලයි තියෙන්නේ.

ඒ සින්දුව ගැන විස්තර වගේම දුෂ්‍යන්ත්ගේ මේ සෝනු නිගම් සමග පවතින රහස් ගනුදෙනුවේ තවත් තොරතුරු ඉදිරියේදී හිරු Web site එක හරහා අපි අනාවරණය කරන්නම්.
දුෂ්යන්ත් එක්ක කළ කථාබහ ඔහුගේ හඩින්ම අහන්න පහතින්......
Dushyanth - WWW.HIRUFM.LK by HIRU FM
දුෂ්යන්ත්ගේ දේදුන්න වාගේ ගීතය මෙතැනින් ගන්න.......

Powered by Blogger.